අපි ගැන...
මෙය තවත් එක් වෙබ් අඩවියක් පමණක්ම නෙමේ.
මෙම අඩවිය බිහිවූයේ ලංකාවේ ප්‍රසිද්ධම පුවත්පත් හා වෙබ් අඩවියන්හි නොවිකෙන මිළ ගණන් සමග පළ කරන දැන්වීම් එනම් එකම දැන්වීම මාස ගණන් අවුරුදු ගණන් පළවන බව දැකීමෙන් පසු ගත් තීරණයක් හේතුවෙනි.
මෙහි එක් වරක් විකිණීමට ඇති දෑ පමණක් නොව ඔබේ සියළු දෑ පිටු ගණන් ලියා තැබිය හැක.
හැබැයි අනෙක් මාධ්‍යවල මෙන් අධි මිළ ගණන් දැමිය නොහැක.
අප දැන්වීම් භාර ගැනීමේදී අලෙවි වන මිළ ගණන්ද යන වග පරීක්ෂා කර බලා භාර ගනු ලැබේ.
ප්‍රසිද්ධම පුවත්පත් හෝ වෙබ් අඩවි පරීක්ෂා කර බැලූ විට අවුරුදු ගණන් දමන දැන්වීම් ඔබ දැක ඇති. උදාහරණ ලෙස 1992 Liteace වෑන් රථයක් ලක්ෂ 18 කට ඇඩ් දැමීමට භාර ගත නොහැක. මක් නිසාද CR 27 පවා එම මිළට ගත හැකි අතර 1992 Liteace රථ ලක්ෂ 12-14 අතර මිළකට ඕනෑ තරම් ඇත.
එහෙත් හිමිකරු සාධාරණ හේතූන් දැන්වූවොත් දැන්වීම් පළකරන අතර දෙවන වර නැවතත් පළ කරයි නම් රුපියල් 100/- ක් අය කරන අතර දෙවන වර පළ කිරීමක් බව දැන්වීමට ඇතුළත් කරනු ලැබේ.
එසේ දෙවන වර පළ කිරීමට සාධාරණ හේතු දැක්විය යුතු අතර එසේ නොමැතිමනම් මිළෙන් සාධාරණ අගයක් අඩු කර ඉදිරිපත් කල යුතුය.